ඇමෙරිකාවේ වර්ජීනියා ප්රාන්තයේ සජීව රූපවාහිනී වැඩසටහනක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් රූපවාහිනී වාර්තාකාරිනියක හා කැමරා ශිල්පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
WDBJ7 TV හි වාර්තාකාරිනියක වන 24 හැවිරිදි ඇලිසන් පාකර් හා කැමරා ශිල්පී 27 හැවිරිදි ඇඩම් වෝඩ් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව එම රූපවාහිනී සේවය නිවේදනය කරයි.
මොන්ටේනා හි බෙඩ්ෆෝඩ් හි සිදුකළ සජීව පටිගත කිරීමකදී වෙඩි හඬක ශබ්දය ඇසුණු බවත්, ඒ සමගම අදාළ වාර්තාකාරිනිය හා ඇය සමග සාකච්ඡා කරමින් සිටි තැනැත්තියද මහත් බියෙන් කෑ ගැසූ බවත් එම රූපවාහිනී සේවය වැඩිදුරටත් පවසයි.
මෙම වෙඩි තැබීමේදී වෙඩි හඬවල් අටක් ඇසුණු බවත්, රූපවාහිනී කණ්ඩායම සමග සිටි අනෙක් කාන්තාව බරපතල තුවාල ලබා ඇති බවත් පොලීසිය පවසයි.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද කියයි.