ඇමෙරිකාවේ රහස් සේවා අධ්යක්ෂ ජොශප් ක්ලැන්සි සිය ධුරයෙන් විශ්‍රාම ගැනිමට තීරණය කර තිබේ. කැලැන්සි 2014 වසරේ ඔක්තෝබර් මාසයේදී ඇරෙමිකාවේ රහස් සේවාවේ වැඩබලන අධ්යක්ෂ ලෙස පත්විය.
2015 වසරේ පෙබරවාරි මාසයේ ඔහු එම ධුරයේ අධ්යක්ෂ ලෙස දිවුරුම් දුන්නේය. එළැඹෙන 04දා ඔහු සිය ධුරයෙන් නිල වශයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.
වත්මන් ඇමෙරිකානු ජනපතිගේ පුද්ගලික ආරක්ෂක කණ්ඩායම හා ඇමෙරිකානු රහස්‍ය සේවා කණ්ඩායම අතර මත භේදයක් හේතුවෙන් ක්ලැන්සි ධුරයෙන් විශාම ගන්නා බවට වාර්තා පළවුවත් එහි සත්‍යතාවක් නොමැති බව ක්ලැන්සි සඳහන් කරයි.