ආගමික එක්සත්කම හා ආගමික නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයට ඇමෙරිකාවේ ප්‍රසාදය හිමිව තිබේ.
ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු රජයේ කොමිසම් වාර්තාව එළි දක්වමින් මේ බව පවසා තිබේ. මෙහිදී ආගමික කටයුතු වෙනුවෙන් ක්‍රිස්තියානි, මුස්ලිම් හා හින්දු ආගමික කටයුතු වෙනුවෙන් වෙනවෙනම අමත්‍යාංශ ස්ථාපිත කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ඇමෙරිකාවේ ප්‍රසාදය හිමිව තිබේ.
එසේම පසුගිය රජය විසින් ස්ථාපිත කළ ආගමික ගැටළු සෙවිම වෙනුවෙන් පත්කළ පොලීස් කොට්ඨාසය ඉවත්කිරිීමට ගත් ක්‍රියාමාර්ගයය විශේෂ අවධානයට ලක්ව තිබේ.