බහුදින ධීවර යාත්‍රා විසින් භාවිතා කරන මරුවැල් හෙවත් Long Line නැමැති ධීවර පන්න ක්‍රමයට ඩොල්ෆින් මසුන් හසුවීම වැළැක්වීමට ශ්‍රී ලංකාව පියවර නොගතහොත් ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන මසුන් සඳහා එරට බලධාරින් විසින් තහනමක් පැනවීමේ අවදානමක් මතු ව තිබෙන බව ධීවර අමාත්‍යාංශය සඳහන් කර
මේ සම්බන්ධයෙන් සියලු දෙනා අවධානය යොමු කර ඩොල්ෆින් මසුන් ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්හට උපදෙස් දී ඇත.
මරුවැල්වල යොදා තිබෙන ඇම ආහාරයට ගැනීම සඳහා පැමිණෙන ඩොල්ෆින් මසුන් එම බිලී කොකුවලට හසුව මිය යන යයි. මරුවැල් පන්න ක්‍රමයේදි යොදා ගන්නා ඇමට ඩොල්ෆින් මසුන් ආකර්ශණය වීම වැළැක්විමේ නව උපාංගයක් ජාත්‍යන්තර ධීවර කර්මාන්තයේදී භාවිතා කෙරෙන අතර එම උපාංගය වහාම ගෙන්වා ඒවා ධීවරයින්ට නොමිලේ ලබා දීමට ලබන වසරේදී පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා සඳහන්කර තිබේ.
2016 වසරේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී සමස්ත මත්ස්‍ය අපනයනයෙන් සියයට 29ක් හෙවත් මෙට්‍රික් ටොන් 4088ක් මිලදි ගෙන ඇත.