ඇමෙරිකාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළහොත් එය රටේ ස්වෛරීත්වයට හානි සිදුවන කටයුත්තක් වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා පසුගිය ආණ්ඩුව විසින් රට අනතුරට ඇද දමමින් හොර රහසේ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම දීර්ඝ නොකර අවලංගු කර දැමිය යුතු බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුව හොර රහසේ සිදුකළ මෙම ගිවිසුම නිසා රට දැවෙන ප්‍රශ්නයකට මැදිවී සිටි බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා වර්තමාන ආණ්ඩුව එම වරද නිවැරදි කරනවා වෙනුවට රට අනතුරට දැමීමට මෙම ගිවිසුම දීර්ඝ කිරීමට උත්සාහ ගනිමින් සිටින බවත් එය පරාජය කිරීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද පවසා සිටියේය.