මෙරටට පැමිණී සිටින ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ තානාපති ස්ටීවන් ජේ. රැප් ශ්‍රී ලංකාවේ සිදු වූවායැයි පවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ඒ අනුව ඔහු පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නායකයන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය. මෙහිදී ඔහු ද්‍රවිඩ ජාතික සංවිධානයේ දේශපාලන නියේජිතයන් සමගද සාකච්ඡා කිරීමට නියමිතය. ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට තවත් මාස දෙකක පමණ කාලයක් ඉතිරිව තිබියදී ස්ටීවන් ජේ. රැප් මෙරටට පැමිණි අතර, මාර්තු මස 26 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක්ද ගෙන ඒමට නියමිතය.