ඇමෙරිකා එක්සත් ජනපදයේ නව රාජ්ය ආරක්ෂක උපදේශක තනතුරට ලුතිනන් ජෙනරාල් එච්.ආර්. මැක්මාස්ටර් නම් කර තිබේ.
ඔහු මෙම නව තනතුරට පත්වූයේ ඩොනල්ඩ් ට්රම්ප් විසින් මීට පෙර නම් කරන ලද ලුතිනන් ජෙනරාල් මයිකල් ෆ්ලින් එම ධුරයේ සති තුනයි දින තුනක් කටයුතු කිරීමෙන් පසුව ඉල්ලා අස්වීමත් සමගය.
නව ආරක්ෂක උපදේශක හර්බට් රෙයිමන්ඩ් මැක්මාස්ටර් ඇමෙරිකානු හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයෙකි. ඔහු ඉරාකය හා ඇෆ්ගනිස්ථානය යන රටවල ඇමෙරිකානු හමුදා මෙහෙයවා ඇති අතර, රජයේ දූෂණ වැළැක්වීමේ ක්රියාදාමයේද යෙදී සිටියෙකි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම ධුරයට කලින් යෝජනා කර සිටි විශ්රාමික වයිස් අද්මිරාල් රොබට් හාවඩ් ආරක්ෂක උපදේශක ධුරය භාරගැනීම ප්රතික්ෂේප කර තිබුණේ පෞද්ගලික හේතුවක් නිසාය.