ඇමෙරිකානු රජය විසින් ගන්නා ආර්ථිකමය තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.කොළඹදී අද (15දා) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
‘ ඊයේ ඇමෙරිකාව ඒ ගොල්ලන්ගේ පොලී අනුපාතය වැඩි කළා. හුගිය මාස දෙකේම අපේ රටේ තැන්පත් කරලා තිබිච්ච විදේශ ධනය විශාල වශයෙන් ඇමෙරිකාවට ඇදිලා ගියා. මේ විදිහේම ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාරයේ ගණන් හිලව් වැඩි කිරීම නිසා ගිය අවුරුද්දේ ඩොලර් මිලියන2400ක් ලංකාවෙන් එළියට ඇදිලා ගියා.
එනිසා විශාල ප්‍රශ්නයකට රුපියල අවප්‍රමාණය වෙන්න,රුපියල පහළට වැටෙන්න ඒක බලපෑවා. ඒ වගේම තෙල් මිල,බොරතෙල් බැරලයක මිල ඩොලර් 45ක වැනි අඩු අගයක ඉඳලා ඩොලර් 57 ට නැගලා තියෙනවා. තෙල් කප්පාදු කරන්න ඔපෙක් සංවිධානය තීරණය කිරීම නිසා. ඉතින් මේ දෙකම රුපියල අවප්‍රමාණය වෙන්න සෑහෙන්න තීරකව බලපානවා. අපිට දුෂ්කර ආර්ථික කාලයක් ඉදිරියේදී එනවා.ඉතින් ඒ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයටත්, අනෙක් අමාත්‍යාංවලටත් වගකීමෙන් ක්‍රියාකරන්න වෙනවා.
එහිදී නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ,
'ආගමික නිදහස හා බෞද්ධාගමට ලැබී තියෙන ප්‍රමුඛස්ථානය සහ සෙසු ආගම්වලට ලැබී තියෙන නිදහස සම්බන්ධ කාරණා කිසිම ආකාරයකින් වෙනස් නොවිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා.’ යනුවෙනි.