ඇමෙරිවේ ඔහියෝ විශ්වවිද්‍යාලය භූමියේදී මෝටර් රථයකින් පුද්ගලයන් යට කිරීමත්, පසුව පිහි ඇනුම් සිදුකිරීමත් යන ප්‍රහාරය තම හුදෙකලා ත්‍රස්තයෙකු සිදුකළ බව IS සංවිධානය පවසයි.
සෝමාලියාවේ උපත ලබා ඇමෙරිකාවට පැමිණි අබ්දුල් රසාක් අලි අර්ටාන් ලෙස මෙම ප්‍රහාරකයා හඳුනාගෙන ඇති අතර, ඔහු එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබමින් සිට 18 හැවිරිදි තරුණයෙකු බවද අනාවරණය විය.
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අමාඛ් පුවත් ඒජන්සිය පවසා සිටියේ ඔහියෝ, රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යනාංශයේ උපාධිධරයෙකු වූ මෙම තරුණයා තම සංවිධානයේ සෙබලෙකු බවයි.
එහිදී, මෙම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයා විශ්වවිද්‍යාල භූමියේදී සිය මෝටර් රථය පිරිසක් මතින් ධාවනය කරමින්, පසුව එම රථයෙන් බැස පිහි ඇණුම්ද සිදුකර තිබුණි. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 11 දෙනෙකු බරපතල තුවාල ලැබීය. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් මෙම ප්‍රහාරකයා ජීවිතක්ෂයට පත්විය.
මෙම ප්‍රහාරය පිළිබඳව එෆ්.බී.අයි. ආයතනය විශේෂ පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ප්‍රහාරය සඳහා තවත් අයෙකුගේ සහාය ලැබී ඇතිද යන්න පිළිබඳවද පරීක්ෂණ මෙහෙය වෙන බව විදෙස් වාර්තා පැවසෙයි.