ඇමෙරිකා ජනපතිගේ සාක්කුවේ කුඩා බුදු පිළිමයක් තිබෙන බව ඔහු පැවැසූ බවත් ලෝකයේ රාජ්යහ නායකයින් මෙන්ම බටහිර රටවල් මේ වන විට බෞද්ධ දර්ශනය පිළිබඳව වඩාත් අවධානය යොමු කර තිබෙන බවත් ජනපති මෛත්රී්පාල සිරිසේන මහතා පැවැසීය.
තිස්සමහාරාම සඳගිරි මහා සෑය ප්රදතිසංස්කරණ කටයුතු නිමවා යළි මහජන අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (30දා) ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
“ඇමරිකාවෙ ජනාධිපති බැරක් ඔබාමාගේ සාක්කුවේ කුඩා බුදු පිළිමයක් තිබෙන බව එතුමා සඳහන් කර තිබුණා. මේ සියල්ල සමග එක් පැත්තකින් අපි බෞද්ධයින් විදියට සතුටු වෙනවා වගේම අපේ ඉතිහාසය පිළිබඳව සතුටු වෙනවා වගේම ලෝකයේ රාජ්ය් නායකයින් ප්රදමුඛ බටහිර රටවල් බෞද්ධ දර්ශනය පිළිබඳව වඩවඩාත් අවධානය යොමු වී තිබෙන කාලයක අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා මේ සියල්ල ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම, සුරක්ෂිත කිරීම පිළිබඳව” යැයි ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.