www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
පැසිෆික් සහයෝගිතාව දැක්වීමේ දූත මෙහෙවරකට එක්සත් ජනපද පැසිෆික් නාවික බළඇණිය හා එහි ප්‍රවාහන නෞකාව වන USNS fall River නෞකාව ඊයේ (07දා) හම්බන්තොට මාගම්පුර වරායට පැමිණි බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම නෞකාව ආසියානු කලාපයේ රටකට සේන්දු වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ. එමෙන්ම ඇලුමිනියම් ලෝහයෙන් පමණක් සකසා ඇති මෙම නෞකාව ලොව ඇති වේගයෙන්ම ධාවනය කල හැකි නෞකාවන් අතරින් එකක් ලෙසද සලකන බව නාවික හමුදාව පවසයි.
මානුෂීය අභියෝගයන්ට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමටත්, පසුගිය ස්වභාවික ව්‍යවසනවලින් උගත් වැදගත් පාඩම් හවුලේ බෙදාහදා ගැනීමටත් එක්සත් ජනපදය කටයුතු කරන අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනතාව සමග සහයෝගිතාව නැංවීම සඳහා දින 07ක කාලයක් මෙරට රැඳීසිටින බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනතාව සමග සහයෝගිතාව නැංවීම සඳහා එම කාලය තුළ හම්බන්තොට ඇතුළු දකුණු පළාතේ ස්ථාන කිහිපයකදී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd