එක්සත් ජාතික පක්ෂයට සමබන්ධ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනෙකු අතර පවත්නා ආරවුල මේ වනවිට පක්ෂයේ එකාග්‍රතාවයට බරපතළ හානියක් වී ඇති බව වාර්තා වේ. මෙම ඇමැතිවරුන් දෙදෙනා අතර කලක් තිස්සේ පැවැති ආරවුල ඇමැති සංශෝධනයෙන් පසු එළිපිට පහර ගසා ගන්නා තත්වයට පත්ව ඇත. ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ඉකුත්දා පැවැති සමුළුවකදී ද ඇමැතිවරයකුගේ ක්‍රියාකලාපය තදින් විවේචනයට ලක්කර ඇතැයි ද වාර්තා වේ.
ඇමැති මණ්ඩල සංශෝධනයෙන් පසු මෙම ඇමැතිවරුන් අතර පත්නා ආරවුල දැන් විවෘත තත්ත්වයට පත්වී තිබේ. තම අමාත්‍යංශය වෙනස් කිරීම සඳහා පක්ෂයේ අනෙක් ඇමැතිවරයා හේතුවූ බවට ඔහු දැඩි විශ්වාසයකින් පසුවන බවද සඳහන් වේ.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප ඇසුරෙනි)