ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා “සීල්” බලකාය (US Navy SEALs) හා ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය (SBS) එක්ව ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ඒකාබද්ධ පුහුණු වැඩසටහන් පවැත්වීමට නියමිතය.
මේපිළිබඳ සාකච්ජා කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ හිටපු කොමාණ්ඩෝ සීල් භටයෙකු මෙන්ම වත්මන් පැසිෆික් විශේෂ මෙහෙයුම් විධානයේ අණදෙන්නා වන රියර් අද්මිරාල් කොලින් කිල්රේයින් මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
1995 වර්ෂය තරම් ඈතකට දිවයන නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය හා සීල් බලකාය අතර සිදු කෙරෙන ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයන් (තුලනාත්මක ශෛලීය අභ්‍යාසයන්) හි ආරම්භය, 21 වසරක පමණ දීර්ඝ අතීතයකට හිමිකම් කියයි. 1993 වර්ෂයේ දී ආරම්භ කෙරුණු නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ නිර්මාතෘවරයා වන්නේ ද වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතායි. ඔහු සිය කීර්තිමත් නාවික දිවිය තුළ දෙවරක්ම එහි අණදෙන්නා වශයෙන් කටයුතු කර ඇත.