දුරකථන සමාගම් විසින් දුරකථන ඇමතුම් සඳහා මිල වැඩිකිරීමේදී විදුලි සංදේශ කොමිෂන්සභාවෙන් අවසර ගතයුතු වුවද, මෙවර දුරකථන ඇමතුම් ඉහළ දමා ඇති කිසිදු සමාගමක් එලෙස අවසර ගෙන නැතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය පවසයි.
එබැවින් මේපිළිබඳව සොයාබලා මේපිළිබඳ නීතිමය පියවර ගන්නා ලෙසද එම ව්‍යාපාරය කොමිසමෙන් ඉල්ලා සිටියි.