අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වැනි දේශපාලන අධිකාරීන් සඳහා අවශ්‍ය වාහන ඍජු මිල දී ගැනීමේ ක්‍රමය යටතේ මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
රජයේ ආයතන සඳහා වාහන සපයා ගැනීමට දැනට අනුගමනය කරනු ලබන “මෙහෙයුම් කල්බදු ක්‍රමය” ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටලු පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ නිර්දේශ මත මෙම අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කමිටුවක් මගින් මෙම නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඊට අමතරව,
i.රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා අවශ්‍ය වාහන මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීම.
ii. අධික භාවිතය හා ඉහළ නඩත්තු කිරීමක් සහිත ඩබල් කැබ් සහ වැඩි මගී ආසන සංඛ්‍යාවක් සහිත වාහන සඳහා මෙහෙයුම් කල්බදු ක්‍රමය තවදුරටත් අනුගමනය කිරීම.
iii.රාජ්‍ය ආයතනවල වාහන ඵලදායී අන්දමින් භාවිත කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් භාණ්ඩාගාරයේ මූල්‍ය පාලන ජනරාල්වරයා (Comptroller General Of the General Treasury) විසින් ක්‍රියාත්මක කිරීම.
iv විධිමත් අනුමැතියක් පරිදි කිසියම් නිලධාරියෙකුට හිමි වාහන සංඛ්‍යාව එකකට පමණක් සීමා වන බවට අදාළ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් වගබලා ගැනීම.
v. දෙමුහුන් (Hybrid) එන්ජින් සහිත වාහන භාවිතට සඳහා ප්‍රමුඛතාව ලබාදීම සහ වසර 10කට වඩා පැරණි වාහන ඒවායේ ඉහළ නඩත්තු වියදම සැලකිල්ලට ගෙන බැහැර කිරීමට පියවර ගැනීම.