ඉන්දියාවේ ඇමතිවරුනගේ මෙන්ම ඉහළ නිලධාරීන්ගේ වාහන වල සවිකර ඇති රතු පැහැති විදුලි ලාම්පු (red beacons) එම වාහන වලින් ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.
ඒ අනුව හිදිසි අවස්ථාවලදී යොදාගන්නා වාහන, ගිලන් රථ, ගිනි නිවන රථ, පොලිස් රථ වලට නිල් පැහැති ලාම්පු භාවිත කිරීමට අවස්ථාවක් ලැබෙන අතර වෙනත් කිසිඳු වාහනයකට එසේ විදුලි ලාම්පු භාවිත කිරීමට හැකියාවක් නොවෙයි.
මැයි 01 දා සිට මෙම නීතිය ක්රියාත්මක වෙයි. මේ පිළිබඳව ඉන්දීය අග්රාමාත්යවරයා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හැම ඉන්දියානුවෙක්ම විශේෂ මෙන්ම හැම ඉන්දියානුවෙක්ම වැදගත් පුද්ගලයෙක් වෙන බවයි.