අද රටේ පාලනයේ ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව තිස්ස අත්තනායක මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ, විශේෂ පූජාවක් සඳහා මාතර බෝසමිඳුන් වෙත පෙරේදා (16දා) පැමිණි අවස්ථාවේදීය.
"රටේ අද පාලනය ගැන ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. දැන් බලන්න ආණ්ඩුවට තව ඇමතිවරු පත්කරලා තියෙනවා. ආදායම මදි ජනතාවට සහන දෙන්න බෑ කියලා කියනවනම් මොකටද තව ඇමතිවරු පත් කරන්නේ. රටේ කාර්යක්ෂමතාව පිළිබඳව ප්රශ්න ගොඩක් තියෙනවා. රටක දරාගන්න බැරි ප්රශ්න තියෙනකොට ඒකට පරිස්සම් වෙන්න ආණ්ඩුව දැනගන්න ඕන.
ඇමතිවරු පත්කිරීම කළ යුතුව තිබු දෙයක් නෙමෙයි. ජනතාව ඉල්ලන්නෙ සහන දෙන්න කියලා, එතකොට ඒ වෙනුවට ආණ්ඩුව ඇමතිවරු පත්කරනවනම් විශාල ප්රශ්නයක්. පසුගියදා රටේ එක් පැත්තකටම හා ගංවතුරක් ඇවිත් විශාල හානියක් සිදුවුණා. එහෙම තියෙද්දී පාර්ලිමේන්තුවට එනවා පරිපූරක ඇස්තමේන්තුවක් ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීමට සහ කාර්යාල උපකරණ මිලදී ගැනීමට වගේ දේවල්වලට, එහෙමත් කරන්න වටින්නෙ නැහැ.
ඒ වගේම ඥානසාර හාමුදුරුවෝ ඒ සිද්ධිය එක් පැත්තකින් කනගාටුදායක තතත්වයක්. ස්වාමින් වහන්සේගේ මත ඉදිරිපත් කිරීමේ ප්රශ්න තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන උන්වහන්සේ කියන කාරණවල යථාර්ථයක් තියෙනවා. මෙය සමථ මණ්ඩලයෙන් නිමාකරගන්න තිබුන ප්රශ්නයක් කියලයි මම දකින්නේ" යැයි පැවසීය.