නව ආණ්ඩුවේ ඇමතිවරු තිදෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ විදේශ කටයුතු ඇමතිවරයා ලෙස මංගල සමරවීර මහතා, අධිකරණ අමාත්‍යවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා සහනැවත පදිංචිකිරීම් හා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ඩී.එම්.ස්වාමිනාදන් මහතා වශයෙනි.
මීට පෙර පැවැති දින 100 ආණ්ඩුවේද ඔවුහු මෙම අමාත්‍ය ධුරවලම කටයුතු කළහ.
අන්තර්ජාතික සමුළු තුනකට සහභාගී වීමට නියමිත බැවින් මෙලෙස හදිසියේ දිවුරුම් දුන් බව විජයදාස රාජපක්ෂ මහතා ‘අද’ ට පැවසීය.