රජය සමග එක්ව කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් අවස්ථා කිහිපයකදීම තමන්ට ආරාධනා ලැබුණු බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, හැටන් දික්ඔය නගර සභා බලප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව හා නාගරික මන්ත්‍රීවරුන් සමග අද (01දා) හැටන් නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
මැයි දිනය සංකේතවත් කිරීම සඳහා කොටගල ලංකා කම්කරු කොංග්රස් මූලස්ථානයේ පැවැති උත්සවයකට සහභාගි වූ බැවින් තමන් අද (01දා) කොළඹට නොගිය බවද හෙතෙම පවසා සිටියේය.
තමන් යළිත් කොළඹට යන බවත්, එහිදී කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් තොණ්ඩමන් මහතා පැවසීය.