පළාත් පාලන හා පළාත් සභා ඇමති පයිසර් මුස්තාෆා මහතා අතින් අද (28දා) පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබූ මාවරමණ්ඩිය නව තෙමහල් බහු කාර්ය ගොඩනැගිල්ල ඊට පෙර බියගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතා (ඒ.ජ.නි.ස) පැමිණ විවෘත කර තිබේ.
මේ අවස්ථාවට හිටපු සභාපතිවරයා සමග එම ප්රාදේශීය සභාවේ හිටපු එ.ජ.නි.සන්ධානයේ ප්රාදේශීය සභා මන්ත්රීවරුද ප්රදේශවාසීහු විශාල පිරිසක්ද සහභාගී වූහ.
පසුගිය ඒ.ජා.නි.සන්ධාන රජය සමයේ ක්රියාත්මක යාලපුර නැඟුම වැඩසටහන යටතේ මේ බහුකාර්ය ගොඩනැගිල්ල බියගම ප්රාදේශීය සභාවට ලැබී තිබිණි.
බියගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතාගේ ඉල්ලීමක් මත මෙය ලැබුණු අතර ඒ සඳහා රජය රුපියල් ලක්ෂ පන්සීයක මුදලක් වැය කර තිබේ.
බියගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතාගේ ඉල්ලීමක් මත මෙය ලැබුණු අතර, ඒ සඳහා රජය රුපියල් ලක්ෂ පන්සීයක මුදලක් වැය කරනු ලැබීය.
මේ බහුකාර්ය ගොඩනැගිල්ල පෙර පාසලකින්, පුස්තකාලයකින් හා ශ්රවණාගාරයකින් සමන්විත වේ. මේ බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමට ඇමතිවරයා නොපැමිණි අතර, පසුව මේ උත්සවයට පැමිණි බස්නාහිර පළාත් සභා මන්ත්රී යූ. ජෝර්ජ් පෙරේරා (එ.ජ.ප) හා හිටපු ප්රාදේශීය සභා මන්ත්රී චන්ද්ර වසන්ත (එ.ජා.ප) යන මහත්වරු එක්ව සිටියහ.
මේ අතර හිටපු සභාපති ආනන්ද ගනේපාල මහතා විසින් නව බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව ඇමැතිවරයාගේ ප්රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට පිළියෙල කර තිබූ ශ්රවණාගාරයට පැමිණ පොල්තෙල් පහන් දල්වා කෙටි උත්සව සභාවක්ද පැවැත්විය.
මල්වාන - ඩබ්ලිව්.ඩී.එම්. විතානගේ
මල්වාන - ඩබ්ලිව්.ඩී.එම්. විතානගේ