ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අද (20දා) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 70 වැනි වියේ පසුවිය. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය කාලයේදී එංගලන්තයේ නේවාසිකවද ප්‍රතිකාර ලැබීය.
පසුගිය ජනපතිවරණ සමයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එවකට රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට පැමිණි අමාත්‍යවරුන් අතර එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාද වූයේය.