ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්. 308 දරණ ගුවන් යානයෙන් අද (01දා) සිංගප්පුරුවට ගියේය.
අමාත්‍යාංශයේ විශය වෙන්කිරීම මත ඇමතිවරයා යම් කිසි කළකිරීමකින් සිටි බවටද තොරතුරු වාර්තා විය. එසේම ඔහු දේශපාලනයෙන් සමුගෙන නීතිඥ වෘත්තියේ යෙදිමට අදහසින් සිටින බවටද තොරතුරු වාර්තා විය.
පසුගිය ජනපතිවරණ සමයේදී අමාත්‍යවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව එවකට පොදු අපෙක්ෂක වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.
අමාත්‍යවරයා ජනපති නීතිඥවරයෙක්ද වෙයි.