කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බහුතරයකට මැති ඇමතිකම් ලැබුණද, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට සාධාරණයක් ඉටු වී නැතැයි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, පසුගියදා අක්මීමන ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එකිවෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
''එක්සත් ජාතික පක්ෂය හැටියට අපි 2015 ජනවාරි 08 වැනිදාත්, අගෝස්තු 15 වැනිදාත් ජනතාවට දීපු යම් පොරොන්දු ටිකක් තියෙනවා. ඒකෙන් කොච්චර හරියක් ඉටු කරලද කියලා අපි හැමදෙනාම අපේ හෘදසාක්ෂියට තට්ටු කරලා බැලුවොත් අපට තේරුම්ගත හැකියි. ඇත්ත වශයෙන්ම අපි සෑහීමකට පත්වෙන්නෙ නැහැ.
මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට එකතු වෙලා ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සුසංයෝගය තුළින් හැදිච්ච ආණ්ඩුවක්. මේකෙදි විශාල කාර්යභාරයක් අපි ඉෂ්ට කළා. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට අපි මේ වෙනකොටත් කිසිදු වරප්‍රසාද නැතිව අපි ආණ්ඩුව තුළ කටයුතු කළා. ඒකාබද්ධ විපක්ෂයටත්, අපටත් ලැබෙන්නේ එකම වරප්‍රසාද. පසුගිය පළාත් පාලන මැතිවරණයේ අපි යම් පසුබෑමකට ලක්වුණා. මේ රටේ ජනතාව අපට රතු නිවේදනයක් ලබා දුන්නා. දැන් කැබිනට් සංශෝධනයත් වුණා. මේ පිළිබඳ අපට ප්‍රශ්න තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකට අවශ්‍ය සියලුම මැති ඇමතිකම් ලැබුණා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිසිවෙකුට මේකෙන් සාධාරණයක් ඉටු වුණේ නැහැ.
අපි ඉතා පැහැදිලිව කියනවා මේ ගනිපු තනතුරුවලින් යහපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරනවාද, එහෙමත් නැතිනම් කතාවලට, මාධ්‍ය සංදර්ශනවලට පමණක් සීමාකර ගෙන මේ අය ක්‍රියාත්මක වෙනවාද කියලා අපි බලාගෙන ඉන්නවා. අපට වැඩක් නැහැ දැන් මාධ්‍ය සන්දර්ශන''යැයි පවසා සිටියේය.
ගාල්ල - ජිනේෂ් නානායක්කාර