අමාත්‍ය මණ්ඩල සංශෝධනය විද්‍යාත්මකව සිදු නොවූ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, අමාත්‍යාංශ සැලසුම් කිරීමේදී අග්‍රාමාත්‍යවරයා හා තමා සාකච්ඡා කර තීරණ ගත් බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමෙන් අනතුරුව අද (02දා) ජනපති ලේකම් කාර්යාලයේදී අදහස් දක්වමින් ජනපතිවරයා මෙම අදහස් දැක්වීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා,
“අමාත්‍ය මණ්ඩල පත්කිරීම් ඒ වගේම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කිරීම් පිළිබඳව පසුගිය දශක කිහිපයේම ඉතිහාසය ගතහොත් මම හිතන්නේ කිසිම රාජ්‍ය නායකයෙකුට සියයට සියයක් ඒ පත්වූ සියලු දෙනාගේම ප්‍රසාදය ලබා ගන්න පුළුවන් වෙලා නැහැ.
දැන් මේ වසරේ මාස 04ක් ගෙවී ගොස්. ඒ නිසා අතපසු වූ වැඩකොටස් වගේම දැනට කරන්න තිබෙන කාර්යයන් වාර්ෂික සංවර්ධන සැලසුම් ඉලක්ක සහගතව, කාර්යක්ෂමව ඉටුකරන්නට අපි ඔබ සියලු දෙනාට හැකියාව, උවමනාව සහ අවබෝධය තිබෙනවා. ඒ නිසා රජය විදියට රට වෙනුවෙන් සහ මහජනයා වෙනුවෙන් අද තිබෙන ආර්ථික තත්ත්වයන් සහ දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන මේ කාර්යයන් සඳහා කඩිනම්ව හා කාර්යක්ෂමව අපි එක්වීමයි අවශ්‍ය වෙන්නේ.
දැන් විශේෂයෙන් ආණ්ඩුවට එරෙහි විවේචනවලදී බහුලව දකින්න තිබෙන්නේ විද්‍යාත්මක පදනමකින් අමාත්‍යාංශ වෙන් කරනවා කිව්වට එහෙම වෙලා නැහැයි කියන එක සම්බන්ධව. මම එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මෙම අමාත්‍යාංශ අලුතෙන් සැලසුම් කරද්දී අගමැතිතුමත්, මමත් සාකච්ඡා කරලා බොහෝ නිවැරදි කිරීම් සිදුකළා. ඒ වගේම අමාත්‍යාංශවල ආයතන, විෂය ගැසට් කිරීමේදී මම පැහැදිලිව සඳහන් කරන්න ඕන මේ විද්‍යාත්මක පදනම පැහැදිලි ලෙසම සැලකිල්ලට ගන්නවා කියන එක පිළිබඳව.
ඒ ගැන කවුරුවත් අමනාප වෙන්න එපා. මොකද රටේ සෑම කෙනෙක්ම බලාගෙන ඉන්නවා අපි කියපු දේ හරියටම කෙරෙයිද කියන කාරණාව දෙස. ඒ නිසා බොහෝ විවේචනාත්මකව තිබූණු අමාත්‍යාංශ දැන් හුඟක් වෙනස් වුණා. ඊළඟට ආයතන ව