මැතිවරණ කාලසීමාවේදී කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් රාජකාරි කටයුතු සඳහා භාවිත කරන ලද නිල රථ දෙකක් වෙනුවෙන් අදාළ කුලිය ගෙවීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ඒ අනුව වාහන සඳහා අදාළ ගාස්තුව තම පෞද්ගලික වියදමින් රජයට ගෙවීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම්දී ඇති බව අධිකරණ අමාත්‍යවරයා පැවසීය.