උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඇමති විජයදාස රාජපක්ෂ මහතා අද (02දා) සිය අමාත්‍යාංශයේ වැඩබාර ගත්තේය.ඔහු වැඩ බාර ගන්නා අවස්ථාවේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා තිබුණි. සරසවි සිසුන්ගේ විරෝධතාවක් ඇතිවිය හැකි බවට පුරෝකතනය කරමින් මෙම ආරක්ෂාව සපයා තිබුණි.