ව්‍යාජ ප්රවෘත්ති පළ කළ ජනමාධ්‍යවේදීන්ට දඬුවම් පැමිණ විය යුතු බව පවසමින් ඉන්දීය තොරතුරු අමාත්‍ය ස්ම්රිති ඉරානී ගෙනා නියෝගය අගමැති නරේන්ද්‍ර මෝදි නියමයෙන් ඉවත් කර තිබේ.
ව්‍යාජ තොරතුරු නිර්මාණය කරන හා පළ කරන මාධ්‍යවේදීන් සොයා ඔවුන්ගේ මාධ්‍යවේදී අනන්‍යතාව අත්හිටවිය යුතු බවට වූ එම නියෝගය ඉන්දීය මාධ්‍ය ක්ෂේත්රය පුරා දැඩි විවේචනයකට ලක්විය.
එමෙන්ම, මාධ්‍ය හැඳුනුම්පතක් ලබාගැනීමේදී විශේෂ නීති මාලාවක් හා උපදෙස් මාලාවක්ද ඇය මෙම නියෝගය සමග යෝජනා කර තිබුණි.
කෙසේ වෙතත්, ඉන්දියාවේ ජනමාධ්‍යවේදීන් සහ කර්තෘවරුන් රැසක් සඳහන් කර තිබුණේ මෙය සම්පූර්ණයෙන්ම මාධ්‍ය නිදහසට එල්ල කරන මරු පහරක් බවයි.
කෙසේ වෙතත්, තම නියෝගය සාධාරණීකරණය කළ අමාත්‍යවරිය පවසා තිබුණේ දිනෙන් දින ඉහළ යන ව්‍යාජ ප්රවෘත්ති වළක්වාලීම සඳහා මෙම නියෝජගය ක්‍රියාත්මක කළ යුතු බවයි. කෙසේ වෙතත්, ව්‍යාජ ප්‍රවෘත්තියක් යන්නට නිර්වචනයක් ලබාදීමට තොරතුරු අමාත්‍යවරිය අපහොසත්වී තිබුණි.
මේ අතර ඉන්දියාවේ මාධ්‍ය තොරතරු කාර්යාංශයේ හැඳුනුම්පතක් ලබාගැනීමෙන් එහි සාමාජිකයන්ට බොහෝ ප්රතිලාභ හිමිවන අතර, ඔවුන්ට රජයේ ගොඩනැගිලි හා නිල උත්සව සඳහා පහසුවෙන් ඇතුළු වීමට අවස්ථාව සැලදෙයි.
කෙසේ වෙතත්, අගමැති මෝදි විසින් තම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු විසින්ම සිදුකර ඇති නියෝගය යළි කණපිට පෙරළීමට කටයුතු කිරීම නිසා මේ තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයාට තුති පිදීමට බොහෝදෙනෙකු කටයුතු කර තිබේ.