දශක තුනක් පුරා පැවති ත්‍රස්තවාදය නිමා කිරීමට සිය ජීවිතය පරිත්‍යාග කල රණවිරුවන්ට මෙන්ම ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන් සිහිපත් කිරීම සහ ඔවුන්ට කෘතගුණ සැලකීමේ අරමුණින් සමරන රණවිරු මාසය වෙනුවෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත රණවිරු කොඩි පැළඳවීම ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (මැයි 10) සිදුකෙරිණි.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියවිසින් මෙහිදී සමරු කොඩිය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත පළදවනු ලැබීය.
2016 ජාතික රණවිරු සමරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහිපළමු සමරු කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළඳවීම පසුගියදා ජනාධිපති නිල නිවසේ දී සිදු වූ අතර එයට සමගාමීව සමරු කොඩි අලෙවියද සිදුවිණි.