සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය රජයේ ධීවර ඇමති ධුරය දරන කාලයේදී අමාත්‍ය බලතල උපයෝගී කරගෙන ගැඹුරු මුහුදේ මසුන් අල්ලා තිබීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ අද (03දා) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළේය.
එම පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මෙම පැමිණිල්ල සිදුකළේය.
2014 වසරේදී පමණක් ඇමති බලතල උපයෝගී කරගෙන රුපියල් ලක්ෂ 20,000 ක මසුන් අල්ලා තිබෙන බවත්, සමාගම් පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී සමාගමක් පිහිටුවා තිබෙන බවටත් පැමිණිලි කළ බව සමරවීර මහතා ප්‍රකාශ කළේය.