සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (01දා) පැමිණිලි දෙකක් ඉදිරිපත් කරන ලදී.
රාජිත සේනාරත්න මහතා පසුගිය රජයේ ධීවර අමාත්‍ය ධුරය දරන සමයේදී මෝදර ධීවර වරාය බදු දීම සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ නමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා වංචනික ලෙස නැව් අටක් මෙරටට ගෙන්වීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා එක් පැමිණිල්ලක් සිදු කළේය.
තවද ඒ මහතා වත්මන් රජයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන අතරතුර සියලු ටෙන්ඩර් පටිපාටි උල්ලඝනය කරමින් අමාත්‍යාංශයේ නිලධාරීන්ට බලපෑම් කර පිළිකා රෝගීන් සඳහා යැයි පවසමින් රුපියල් මිලියන 1500කට ආසන්න නුසුදුසු ඖෂධ තොගයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා විසින් අනෙක් පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.