වාර්මාර්ග හා ජල සම්පත් කළමණාකරන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇත්තේ එම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුතා බව ඊයේ අධිකරණය හමුවේ හෙළිවිය.
ඒ ඔහු ගමන්කළ වාහනය අනතුරකට ලක්වීම හේතුවෙනි.ඔහු ගමන්ගත් වාහනය වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යාංශයට අයත් බව එම අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. කපිල ජයසේකර මහතා ඊයේ (08දා) ආරච්චිකට්ටුව පොලීසියට දැනුම් දි ඇත.
කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ යශෝධ බීමත්ව රිය පදවා ඇති බවත් කඩුවක් ළඟ තබාගනිමින් තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් කර ඇති බවටත් යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.