ග්‍රාමීය මාර්ග තමන්ගේ අමාත්‍යාංශයට පමණක් අයත් විය යුතුවුවද මෙවර අයවැයෙන් වෙනත් අමාත්‍යාංශවලට ග්‍රාමීය මාර්ග ලබාදී මුදල් වෙන් කර තිබෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (01දා) පැවසීය.
මේ සම්බන්ධව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම්දුන් බවත්, තමන්ගේ ඉල්ලීම පිළිබඳව එම නායකයන් සාධාරණයක් කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
වෙනත් අමාත්‍යාංශ සමග ගැටුම් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බව පැවසූ අමාත්‍යවරයා, ග්‍රාමීය මාර්ග පාලනය කිරීමේ අයිතිය ඇත්තේ අදාළ පළාත් පාලන ආයතනවලට බවත්, සමහර පුද්ගලයන් එම අයිතිය උදුරා ගෙන ඇති බවත් පවසා සිටියේය.