මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා තමන් මියයාමෙන් පසුව සිය භෂ්මාවශේෂ තැන්පත් කර ඉදිකරන ස්මාරකය සැකසීමේ කටයුතු අද (25දා) ආරම්භ කළේය. බොරැල්ල කනත්තේ ඇති එච්.ආර්. ජෝතිපාල මහතාගේ සොහොන අසලින් ඇමතිවරයාගේ සොහොනද ඉදිකෙරේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මට තව ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ. මම හොඳටත්, නරකටත් ප්‍රසිද්ධයි. මම මැරෙන්නේ කැළණියටයි, හම්බන්තොටටයි හිස නමලා. මේකට විවේචන ඒවි, මම ඒකට ලෑස්තියි. අපි මැරෙන බව දන්නවා. මමයි ජනාධිපතිතුමයි ඉන්නකම් මේ රට යටත් කරගන්න කිසිකෙනෙකුට දෙන්නෙ නෑ” යැයි පැවසීය.