තවත් අමාත්‍යවරු කිහිපදෙනෙක් අද (21දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් මෙසේ දිවුරුම් දුන්හ.
මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් කැබිනට් අමාත්‍ය ලෙස අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා දිවුරුම් දුන්නේය.
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මොහොමඩ් තම්බි හසන් අලී මහතා දිවුරුම් දුන්නේය.
රන්ජන් රාමානායක මහතා සමාජ සේවා සුබ සාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, වසන්ත අළුවිහාරේ මහතා මහවැලි සංවර්ධන හා පරිසර නියෝජය අමාත්‍යවරයා ලෙසද, අමීර් අලි සහබ්දීන් මහතා නිවාස හා සමෘද්ධි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, මොහොම්මදු ෂරීෆ් තවුෆික් මහතා අභ්‍යන්තර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්හ.