සැප්තැම්බර් 02 වැනිදා අමාත්‍ය මණ්ඩලය පත් කරන බවට සඳහන් වුවත්, එදිනට අමාත්‍ය මණ්ඩලය පත්කිරීමක් සිදු නොවන බවත්, එහෙත් සැප්තැම්බර් මස පළමු සතිය තුළ අමාත්‍ය මණ්ඩලය පත් කර අමාත්‍ය මණ්ඩලය රැස් විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය සැප්තැම්බර් 02 වැනිදාට යෙදී තිබෙන බවත්, මේ නිසා එයට සමගාමීව එදින ඓතිහාසික සෝමාවතිය චෛත්‍ය අභියස ආගමික වතාවත් සිදුවන බවත්, මීට අමතරව කදුරුවෙල නගරයේ සංවත්සර සැමරුම පැවැත්වෙන බවද ඔහු පවසා සිටියේය.
ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ සියලුමදෙනාට සහභාගිවන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව පිළිබඳව පාර්ලිමේන්තුව තීරණයක් ගත යුතු බවත්, පාර්ලිමේන්තුව සැප්තැම්බර් පළමුවැනිදා රැස්වන බවත්, ඉන් පසුව පාර්ලිමේන්තුව නැවත රැස්වන්නේ සැප්තැම්බර් 03 වැනිදා බවද ඔහු පවසා සිටියේය.