නව ඇමති මණ්ඩලය පත් කිරීමේදී ඔස්ට්‍රේලියාව හා යුරෝපා රටවල ඇමතිවරුන් පත් කිරීමේ ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවත්, ශ්‍රී ලංකාව නිදහස ලබාගැනීමෙන් පසු මෙම කාර්යය සිදුව ඇත්තේ කලාතුරකින් නිසා ඉන් පාඩුව සිදුවන්නේ රටට හා මහජනතාවට බවත් ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහනායක, රංගිරි දඹුලු රජමහා විහාරාධිපති හිමියෝ පවසති.
ඇමතිවරුන් පත් කිරීමේදී අදාළ විෂයය පිළිබඳ එම ඇමතිවරයාගේ දැක්ම, උගත්කම, දැනුම පිළිබඳව අවබෝධය තිබිය යුතු බවත්, එසේ නොවුණහොත් රටක් ලෙස එය විශාල පාඩුවක් වන බවත් නාහිමියෝ පවසති.
ජනතා මුදල් වියදම් කර ජනතා මතය විමසා ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් පස්සා දොරෙන් නැවත ඇතුළට ගැනීම නුසුදුසු බවත්, එය යහපාලනය නොවන බවත් කී නාහිමියෝ, විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව ජනතාව වැඩක් සිදුවෙද්දීඊට සහාය පළකිරීම බවද තවදුරටත් සඳහන් කළහ. සාමූහික පාලන ක්‍රමය ඇති කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවලියක් බවත්, එම පාලන ක්‍රමය බුදුරජාණන් වහන්සේ පවා අනුගමනය කළ ක්‍රමවේදයක් බවත් සුමංගල නාහිමියෝ මෙහිදී තවදුරටත් පැවසූහ.