නව ජාතික සමගි රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන සැප්තැම්බර් 02 වැනිදා දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා පැවසීය.
එහි අමාත්‍ය මණ්ඩලයේ කොටසක් මීට ප්‍රථම දිවුරුම් දීමට නියමිතව තිබූ නමුත් අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන එජාපයේ හා ශ්‍රී.ල.නි.පයේ සියලු මැති ඇමතිවරුන් එකම දිනයක දිවුරුම් දිය යුතු බවට ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමග දිවුරුම් දීම මෙලෙස කල් දමා ඇත.
සැප්තැම්බර් 02 වැනි දින දිවුරුම්දීමට නියමිත කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 ක් වන අතර, එයින් 33 දෙනෙකු එජාපයෙන්ද, 12 දෙනෙකු ශ්‍රීලනිපයෙන්ද පත්වනු ඇත. මීට අමතරව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 40 - 45 ක ප්‍රමාණයක් වනු ඇති බවද වාර්තා වේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මණ්ඩලය 30 කට සීමා කළ යුතු අතර, ප්‍රධාන පක්ෂ 02 හා සෙසු පක්ෂ ඇතුළත්ව බිහිකරන ජාතික ආණ්ඩුවලදී පමණක් පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව අදාළ අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ දැමිය හැකිය.
ඒ අනුව ලබන 01 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව අදාළ අමාත්‍ය මණ්ඩලය පිළිබඳ සංඛ්‍යාත්මක තීරණය ගනු ඇත.
කැළුම් බණ්ඩාර/ හෙරල් සේනාධීර