යෝජිත සමගි සන්ධාන රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට හිමි යෝජිත අමාත්‍ය ධුර පිළිබඳව එම පක්ෂය කනස්සල්ලට පත්ව ඇති බව වාර්තා වේ. එමෙන්ම ඊයේ (25දා) රාත්‍රී වනතුරුත් අදාළ අමාත්‍යාංශවලට පත්කරන පුද්ගලයන් පිළිබඳව දෙපාර්ශ්වය අතර පැහැදිලි එකඟතාවක් නොවිණි.
විශේෂයෙන්ම එම පක්ෂයට ලබාදී ඇති අමාත්‍ය ධුර එතරම් ප්‍රබල ඒවා නොවන බවට එම පක්ෂය මැසිවිලි නගා ඇත.
මේ පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණීම සඳහා ඊයේ (25දා) දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැති අතර, අවසාන වශයෙන් කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 දක්වා අඩුකිරීමට එහිදී තීරණය වී ඇත. මීට ඉහත එය අමාත්‍ය ධුර 51 දක්වා යෝජනා වී තිබුණි. ඊට අමතරව කැබිනට් අමාත්‍යධුර 45ට සමානව නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන්ද දිවුරුම් දීමට නියමිතය.
කෙසේ වෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය අමාත්‍යධුර ලබා ගෙන ජාතික ආණ්ඩුවකට එකඟ නොවුණොත් තනිව ම ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පෙරමුණ සූදානමින් සිටින බවද වාර්තාවේ.
ප්‍රධාන පෙළේ අමාත්‍ය ධුර දරන ඇමතිවරුන් හෙට සහ අනිද්දා දෙ දින තුළ දිවුරුම් දීමට ඉඩ ඇති බවද වාර්තා වේ.