විදුලිබල හා බලශක්ති ඇමැතිනී පවිත්රා වන්නිආරච්චි මහත්මිය හදිසියේ රෝගාතුර වී බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇති බව බණ්ඩාරවෙල රෝහල් ආරංචි මාර්ග කියයි.
අද දින (16දා) බදුල්ලේ රැස්වීමකට යන අතරතුර ඇය මෙසේ රෝගාතුර වී ඇති බව වාර්තා වෙයි.
රෝහල් ආරංචි මාර්ග පෙන්වාදෙන පරිදි ඇය හදිසි ප්රතිකාර සඳහා යොමු කර ඇති අතර, මේ වනවිට ඇයගේ තත්ත්වය බරපතල නොවන බවද පැවසෙයි.