ඇමති පදවිය තාවකාලික බවත්, ආයතනවල නිලධාරීන් එම ආයතනවල වගකීම් ගෙන කටයුතු කළ යුතු බවත් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
දේශපාලන ක්‍රමවේදය කුමක් වුවද පසුගිය ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග කිසිවක් නොනවත්වා ඉදිරියට කරගෙන යන බවද හෙතෙම පැවසීය.
සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අමාත්‍යාංශයට පැමිණි අර්ජුන රණතුංග අමාත්‍යවරයාට නිලධාරීන්ගෙන් ඉහළ පිළිගැනීමක් ලැබිණි.