අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ යෞවන හුවමාරු ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව මෙන්ම ද්විපාර්ශවික සාකච්ඡා සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඊයේ(09) චීන සංචාරයක් සදහා පිටවගොස් ඇත. මෙහිදී චීන, ශ්‍රී ලංකා සම්බන්දතා ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කිහිපයක නිරත වීමට නියමිත අතර මෙහිදී ශ්‍රී ලංකාවේ චීන ආයෝජන පිලිබඳ වැඩි අවධානයක් යොමු කෙරේ. එමෙන්ම ආසන්න දිනයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද චීනයේ නිල සංචාරයක් සිදුකිරීමට නියමිතය.