‘‘ඇමතිකමේ වරප්‍රසාද භුක්ති විඳින්න ඇමතිකම් ලබාගන්නේ නැහැ. ජාතික ආණ්ඩු සංකල්පයට මම මුල සිටම එකඟ වුවෙක් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මටත් ආරාධනා කළා එතුමාගේ නායකත්වය යටතේ ජාතික ආණ්ඩුවට එක්වෙන්න.
මෙහිදී මට විකල්ප දෙකක් තිබුනා. එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බදුල්ලට වෙලා ඉන්නවාද ජාතික ආණ්ඩුවට එකතු වී පාක්ෂිකයන් හා පක්ෂය ශක්තිමත් කිරීම සඳහා දායකත්වයක් ලබාදෙනවාද යන්න. මම එයින් දෙවැන්න තෝරාගත්තා” යැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27දා) පස්වරුවේ බදුල්ල තැපැල් ශ්‍රවනාගාරයේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගී වෙමිනි.
‘‘අපි විපක්ෂයෙ සිටියනම් පාක්ෂිකයන් වෙනුවෙන්, පක්ෂය වෙනුවෙන් කිසිදෙයක් කරන්න වෙන්නේ නැහැ. අපට දේශපාලනය ගැන කළකිරෙන්න පුලුවන්. ඒක ලෝක ස්වාභාවයයි. මෙහිදී දේශපාලකයන්ට වරදින තැනුත් තියනවා. පාක්ෂිකයන්ට වරදින තැනුත් තියනවා. අපි මෙහිදී පාඩමක් ඉගෙනගත යුතුයි. ජනතාවට වැරදුන තැන් පිළිබද අපි ඔවුන් දැනුවත් කළයුතුයි.
ඇමතිකමේ ඉදගෙන මම පක්ෂ භේදයෙන් තොරව වෘත්තීය සමීති භේදයකින් තොරව කටයුතු කරනවා. ඒත් එළියෙදි මගෙ දේශපාලනය මම කරනවා. එතනදි අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස කටයුතු කරනවා. “ යැයි ඔහු පැවැසීය.