ඌව පළාත් සභා මැතිවරණ පරාජයේ දුක දරාගැනීමට නයි මිරිස් කන්නැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා ඊයේ (30දා) මාතලේ පැවැති මාධ්‍ය හමුවකදී විපක්ෂයට අභියෝග කළේය.
මාතලේ, මල්වත්ත පාරේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකනායක මහතා,
"ඌව පළාත් සභා මැතිවරණයේදී ඇතැම් ජනතාව වෙනුවෙන් දේශපාලඥයන් අමුමිරිස් කාලා පෙන්නුවා. ඒ ජනතාවගේ අනුකම්පාව දිනාගන්න. නමුත් අද එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂවලට යන එනමං නැතිවෙලයි තියෙන්නෙ. මම අභියෝග කරනවා විපක්ෂයේ කවුරුහරි ඉන්නව නම් පුළුවන්නම් නයි මිරිස් ටිකක් කන්න කියලා. එකම ඉරණම පරාජය විතරයි. තරග කළ අයට කන්න වෙන්නේ නයි මිරිස් තමයි. " යැයි පැවැසීය.
රත්තොට රුවන් ධනංජය