කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයෙන් ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේ ගනුදෙනුවෙන් ලැබුණු කෝටි ගණන් මුදලක් කෘෂිකර්ම අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් මැයි 01 වැනිදා ගාල්ලේ පැවැත්වෙන මැයි රැලිය සඳහා වැයකර ඇතැයි චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (28දා) පැමිණිල්ලක් බාර දුන්නේය.
එම පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ වසර දෙකක මාසික කුලිය වශයෙන් රුපියල් පනස්හත්කෝටි විසිඅට ලක්ෂයක්ද,අප්‍රේල් මාසයේ කුලිය වශයෙන් දෙකෝටි තිස්හත්ලක්ෂයක්ද අදාළ ගොඩනැගිල්ලේ හිමිකරුට ගෙවා අවසන් වුවද මේදක්වා කෘෂිකර්ම අමාත්‍යාංශය එම ස්ථානයට රැගෙනවිත් නොතිබීම පිළිබඳ ගැටලුවක් මතුවන බවයි.