ඇමති තනතුරු ගැන හිතන්නේ නෑ - බුද්ධික
ඇමති තනතුරු ලැබීම හෝ නොලැබීම ගැන තමන් කිසිදු විටෙක නොසිතන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (17දා) කටුනායක ගුවන්තොටුපළේදී පැවසීය.
ඒ විදෙස් සංචාරයක නිරතව යළි දිවයිනට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධික පතිරණ මහතා,
“ඇමති තනතුරු නොලැබුණා කියා එයින් සැලී පැත්තකට වැටෙන්න බලාපොරොත්තු වෙන්නේ නැති බව මා මුලින්ම කිව යුතුයි. වසර තුනක් එක එක විදියේ දෙවල් අසා තිබුණා. කම්මලේ ඉන්න බල්ලට හෙණ ගැහුවාට දැනෙන්නේ නැහැ වගේ මෙයත් මට සාමාන්‍ය දෙයක්.
සිවු වතාවක් මාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ මාතර සිටින අහිංසක ජනතාව මතක් කළ යුතුයි. අද මේ රටේ සමහර දේශපාලකයන් ඡන්ද කුට්ටිය ගැන හිතලා වැඩ පෙන්වන තත්ත්වයක් උදා වෙලා. පක්ෂ නායකත්වය තනතුරු නොදී වැඩ කරලා පෙන්වන්න දීපු අභියෝගය බාරගෙන එදා ලේවලින් සහතික කර පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළා“යැයි පවසා සිටියේය.
ප්‍රසාද් මුතුකුඩ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

