දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මහතා අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට මෙලෙස ඔහු අද (08දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ගල්ගසා මරාදමන තෙක් තමන් බලා සිටින බවට ඩී.වී. උපුල් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරේ.
චාමර සම්පත් / ඉන්දික හේවාවිතාරණ