යහපාලන රජයට සම්බන්ධ නොවුණානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තට නැතිවීමට ඉඩ තිබු බව ඇමති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මහමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධිකරණ කාර්ලයාලයක් ඊයේ (26දා) බදුල්ල කච්චෙරි සංකීර්ණයේදි විවෘත කරමිනි.
“මට මස් කටු කන්න ගියා කියද්දිත්, රනිල්ගේ නැටිටේ එල්ලුනා කියද්දිත් අපි නිවැරදි දෙශපාලන තින්දුව ගත්තේ පාක්ෂිකයන්ගේ පැත්ත අරගෙන. මෛත්‍රිපාල සිරිපාල මහතා මේ තින්දුව ගත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අරක්ෂා කරන්න.” යැයි ඔහු පැවැසීය.