පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා සඳහන් කරයි.
අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කිහිප දෙනෙකු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරග නොකරන බවට පසුගිය සති අන්තයේදි ප්රවෘත්ති වාර්තා විය. වසර 20 කට පසු රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා වරමක් ලබා දී තිබෙන අවස්ථාවක ජා-ඇල ආසනයේත්, ගම්පහ දිස්ත්‍රික්කයේත් ජනතාව අතරමං කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
තමා උපුටා දක්වමින් පළ කළ තොරතුරු මුලුමනින්ම බැහැර කරන අමාත්‍යවරයා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට පූර්ණ සූදානමින් පසු වන බව ද සඳහන් කරයි.