වත්තල ප්‍රාදේශීය සභාවේ ඇතිවූ සිද්ධිය පිළිබඳව නීතිය හා මහජන සාමය අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා අද (02දා) පාර්ලිමේන්තුවේ සඳහන් කළේය.
වත්තල ප්‍රාදේශීය සභාවට පසුගියදා පැමිණි පිරිසක් එහ සභාපති බලෙන් ඉවත්කිරීමට කටයුතු කර අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. සිද්ධිය ඇතිවීමට ප්‍රථමව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වත්තල ප්‍රාදේශීය සභාවට පැමිණ පිටව ගියේය.
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ වූ විවාදයට පාර්ලිමේන්තුව අද රැස්විය.