මාධ්‍ය ආවරණයක් සඳහා ගිය බෙනට් ෆර්ඩිනැන්ඩර් සහ යූ.කේ. පේ‍්‍රමලාල් යන මාධ්‍යවේදීන්ට ක්‍රිස්තියානි කටයුතු පිළිබඳඅමාත්ය ජෝන් අමරතුංග මහතා අසභ්‍ය වචනයෙන් බැණවැදී පහරදීමට තැත් කිරීමත් හා ඔවුන් දෙදෙනාගේ රාජකාරි කටයුතුවලට බාධා කිරීම හෙළා දකින බව සමස්ත ලංකා ජන මාධ්‍යවේදී සම්මේලනය අද (09දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.
එහි මෙසේද සඳහන් වෙයි,
“ජනතාවට තොතුරු දැනගැනීමට ඇති අයිතිය අනුව තොරතුරු වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදින්ට බැණවැදීමට හෝ පහරදීමට හෝ ඉවත් කිරීමට ජෝන් අමරතුංග ඇමතිවරායට ඇති බලය පිළිබඳව අපට ඇත්තේ ගැටලුවකි.තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් පනත් ගෙන ආ වත්මන් රජයේ ඇමති මණ්ඩලයේ මෙවැනි ඇමතිවරුන් සිටීම ගැන සමස්ත ලංකා ජනමාධ්‍යවේදී සම්මේලනය ලෙස අප සිය කනස්සල්ල පළකරන්නෙමු.
මාධ්‍යවේදියාගේ භූමිකාව හුදෙක් හඬක් නැති මිනිසුන්ගේ හඬක්වීමය.ඒ හැර දූෂිත පුද්ගලයන්ගේ, වෙනත් අකටයුතුකම් කරන්නන්ගේ අතකොළු වීම හෝ ඔවුන්ට ආවැඩීම නොවන බව අපි අවධාරණය කරන්නෙමු.
මාධ්‍යයට හෝ මාධ්‍යවේදියාට අවහිර කරනවා යනු රටේ ජන සමාජයට අවහිර කිරීමකි. මහජන නියෝජිතයෙකු වන්නට වරම්දුන් ජනතාව ඒ වරමින් ජනතා නියෝජිතයන් වූ සියලුදෙනාම නඩත්තු කරති. ජෝන් අමරතුංග ඇමතිවරයා ද මහජන මුදලින් නඩත්තුවන ඇමතිවරයෙකි.
මේ හේතුවෙන් ජනමාධ්‍යවේදීන්ට කරන තර්ජන වහාම නතරකරන ලෙස අපි ආණ්ඩුවට බලකරන්නෙමු”